හුඟ කාලෙකින් ඉතින් බ්ලොග් එක පැත්තේ ආවේ (දැන් ඉතින් මේ පැත්තේ එන්නත් වෙලාවක් නෑ නොවැ ) .. ඉඩ ලැබෙන ලැබෙන පාරට පොඩි පොඩි කතා ටිකක් කියලා යන්න හිතුවා
මේක ඉතින් සිද්ද උනේ මීට අවුරුදු 3 කට විතර ඉස්සෙල්ලා. ඒ කාලේ ඉතින් අපි පොඩි කොල්ලො නොවැ (දැනුත් ඉතින් පොඩි ලමයි තමා) උ.පෙ පන්ති යන්න පටන් ගත්ත මුල් කාලෙම වගේ තමා මම මුලින්ම එයාව දැක්කේ.එයා වාඩි වුනේ හරියටම 5 වෙනි පේලියේ දකුනු පැත්තේ.අපි හිටියේ ඒ පේලියෙ වම් පැත්තේ.මට ඉතින් පන්තියෙදි මෙයාව දකින්නේ නැතුව ඉන්නත් බෑ වගේ නිකම් කාන්සාව වගේ
අපි ඉතින් පන්තිය ඉවර උන ගමන් ඉක්මනට දුවනවා ගෙදර යන්න.දවසක් අපි බස් හෝල්ට් එකට යනකොට ටිකක් පරක්කු උනා.ඔන්න දැන් එතනට යනකොට දැකලා පුරුදු කෙනෙක් ඉන්නවා.අප්පට සිරි බැලින්නම් අරයා. මට නිකම් මොකක්ද උනා වගේ ඒ වෙලාවේ.මම ඒ කාලේ ඉතින් ලැජ්ජා පොලිස් නේ.(දැනුත් ඉතින් එහෙම තමා). මම ඉතින් මගේ යාලුවට කිවුවා අරයා ඉන්නවා කියලා.ඌ කියපි මම කලින් දැක්කා උඹත් දකින කම් හිටියේ කියලා (මොනා උනත් අමලයා හොඳ එකා) .ඔන්න ඔහොම ඉන්නකොට බස් එකකුත් ආවා.මෙයා ඉස්සරහින් නැග්ගා.මායි අමලය යි පිටිපස්සෙන් නැග්ගා.
ඔන්න දැන් බස් එකත් යනවා.මම බහින හෝල්ට් එකත් ලන් වෙනවා.අරයා තාමත් බස් එකේ.මට බහින්නත් බෑ වගේ.මොනා කරන්නද මම හිත හදාගෙන බහින්න ලන් වෙලා අමලයට කිවුවා.අරයා බහින තැන බලාගෙන ඊලඟ දවසේ මට කියන්න කියලා.ඒත් මම බස් එකෙන් බැස්සට මොකද මගේ හිත තිබ්බේ නම් බස් එකේ.නිදාගන්න ගියාම හිත තිබ්බෙත් බස් එකේම තමා.ඔන්න කෝම හරි ඊලඟ දවසේ පන්තිත් ගියා.අමලයා එනකම් මට ඉවසිල්ලක් නැතුව හිටියේ.මූ ආපු ගමන් මුගෙන් ඇහුවා කොහෙන්ද බැස්සේ කියලා . මූ කියපි ඉස්සරහා දොරින් කියලා.මට ඒ වෙලාවෙ මුගෙ ඔළුව අතගාන්න හිතුනා.කෝම කෝම හරි අමලයට කඩේ ගිහින් බහින තැනත් අහගත්තා.එත් අපේ ගෙවල් ළඟ ඉඳන් ටිකක් දුරයි.
-මතු සම්බන්ධයි-
ඊළඟ පාර මේ පැත්තේ ආවම කතාවේ ඉතුරු ටික කියන්නම්කෝ