Pages

June 11, 2011

මතකද ඔබ හැර ගිය ඒ ආලය....

 

අතීතයේ එක සොඳුරු සැඳෑවක

සුපිපුනු මල් ඇති උයන් තලාවක

නෙතට නෙතක් මුන ගැසුන වෙලාවක

මතකද ඔබ ඉඟි කෙරුවා ආලය....

           අතීතයේ තව මියුරු සැඳැවක

           රුක් ගොමුවෙන් වට උයන් තලාවක

           මුවින් මුවට සිප ගත් ඒ මොහොතක

           මතකද ඔබ පැවසූව ඔබේ ආලය....

අතීතයේ තව අඳුරු සැඳැවක

අඳුරින් වට වුන පාලු සුසානෙක

සිතින් ගතින් වෙන් වුන ඒ මොහොතක

මතකද ඔබ හැර ගිය ඒ ආලය....

                     images

 

අතීතයේ එක සොඳුරු සැඳෑවක…..

 

මේ සින්දුව ඇහෙනකොට මට මතක් වෙනවා මීට අවුරුදු 3 කට කලින් වෙච්ච දෙයක් ඒක එක්තරා විදියක ආදර පටලැවිල්ලක් ටිකක් නවීන විදියට ...

ඒ කාලේ උසස් පෙල කරලා ගෙදර ඉන්න කාලේ.උදේම යාළුවො කට්ටියත් එක්ක කොහේ හරි යනවා විශේෂයෙන්ම ඔය ප්‍රදර්ශන බලන්න තමා.එහෙම ගිහින් හවස 6 වෙන්න කලින් කෝමහරි ගෙදරත් එනවා (නැත්තම් ඉතින් අම්මගෙන් බැනුම් කෝටියයි).
රෑ වෙද්දි ඉතින් කම්මැලියි.ඒ නිසා රෑට චැට් කරන්න පුරුදු වෙලා හිටියා.ඔහොම චැට් කරන් යද්දී දවසක් මම යාළුවෙක් ව අඳුර ගත්තා.එයාගේ නම තමයි L(දැනට L කියලා කියමුකෝ) .ඊටපස්සේ හැමදාම වගේ එයයි මායි චැට් කරන්න පුරුදු උනා.අපිටත් නොදැනිම කාලයත් ගෙවිල ගිහින් අවුරුද්දකටත් ලන් උනා.ඒ වෙද්දී අපි අපිටත් නොදැනිම පෙම්වතුන් වෙලා.

     - මතු සම්බන්ධයි -

May 22, 2011

දයාබර සොයුර ඔබට නිවන් සුව !!

විශ්වාස කල හැකි සන්තාපය ස්ථීර වූ පාඩුවක්

නොවේ, නමුත් මෘදු ශෝකය අප ආදරය කරන කාට

හරි නික්ම යාමෙදී සOවේගයක් උපදවයි.සමහර විට

අද ගෙන දෙන්නා වූ දුක ඔබට නිවන් දැකීමට

මාර්ගයක් විය හැක.


දයාබර සොයුර ඔබට නිවන් සුව !!

ilan_thumb[2]

April 29, 2011

ඔබ ලස්සනයි ඔබ දෙවඟනක් වැනියි

 

images

ඔබ තවමත් සඳ එළියයි
සමහර විට ඔබ සුකුමාලයි
සමහර විට ඔබ සුර දූතියක්
ඔබව දු‍ටු විට සිත ඇදී යනවා
සමහර විට ඔබ දෙවියන්ගේ තිළිණයක්


අහා ඔබ ලස්සනයි ඔබ දෙවඟනක් වැනියි


ඔබ ලැජ්ජාවෙන් ඉවත බලා සිටියත් ඔබ සතුටින්
සිටිනවනම් එයයි මගේ  විශ්වාසය
ඔබ මත් ගතියෙන් වෙලිලා
ඔබගේ නිරුත්තර දෙ ඇස් ආයාචනා කරනවා වගෙයි
ඔබගේ ස්වරය ප්‍රාර්ථනාවක් වගෙයි
ඔබගේ දසුන හැමතැනම පේනවා
තවමත් එය දුරක සැඟවත්

අහා ඔබ ලස්සනයි ඔබ දෙවඟනක් වැනියි

Saawariya

April 13, 2011

සුභම සුභ නව වසරක් වේවා !!!!!

ලබන්නා වූ මේ සිරී සුභ නව වසර

කඳුළු නොදකින

සිනහ උතුරන

පැතුම් පූදින

     සුභම සුභ නව වසරක් වේවා !!!!!

suba-aluth-auruddak-wewa

February 18, 2011

ඔබ සොයන මා ....

හැඬීමෙන් මා රෝගී වෙලා


ඔබ සෙවීමෙන් මා හෙම්බත් වෙලා


ඔව්,


මම හිනැහෙනවා ඔබට පෙනෙන්නට


ඒත්,


මම ඇතුලතින් මියැදිලා...

images

February 5, 2011

ඔබේ මතකයන් අමතක කරන්නත් බෑ යාළුවේ !!

වේදනාව සහ දුකත් එක්ක

මගේ දෙනෙත් බොඳ වෙලා වැස්ස වගේ
අඳුරු රාත්‍රියන් මගේ සහයකයා වෙලා


මට හැරයන්න දෙයක් මේ පාලු මගේ නැති තරම්
මුලු දිවියම ඇයත් එක්ක එකතු වෙලා
මට ඔබව අමතක කරන්න බෑ

ඔබේ මතකයන් අමතක කරන්නත් බෑ යාළුවේ
ඔබ මාව හඬවනවා
ඔබේ මතකයන් මගේ සිත තුල නිතර ගැවසෙනවා
මගේ අහිමි උන ආදරය මටම චෝදනා කරනවා


ඔබට තේරුම් ගන්න බැරිද යාළුවේ වෙන්වීමේ වේදනාව

මම ඔබෙන් වෙන් වූයේ මොහොතකටයි එය මගේ මග වෙනස් කලා
මට ඔබව නෑතිවෙන්න පටන් ගත් දිනේ සිටන් මට යමක් හෑඟුනා
මම මට ම අයිති නෑ වගේ

දැන් ඔබ මා අයදිනවා නම්
එය මා සනසවනවා මේ දුක් ගින්නෙන්

ඔබේ මතකයන් අමතක කරන්නත් බෑ යාළුවේ

anjaana anjaani චිත්‍රපටයෙන්

January 23, 2011

එයාගේ කතාව II

ඔන්න යාළුවනේ ගොඩ කාලෙකට පස්සේ ඉතින් බ්ලොග් එක පැත්තේ ආවා එයාගේ කතාවත් අරගෙන. එයාගේ කතාව I මෙතනින් .

ඔන්න ඒනම් කතාව අහන්නකෝ

ඔන්න ඉතින් කෝම කෝම හරි එයා ඉන්න තැනත් හොයා ගත්තා.(අමලයට පින් සිද්ද වෙන්න ) ඒත් වැඩේ කියන්නේ එයා ඉන්න තැනට අපේ ගෙවල් ගාව ඉඳන් ටිකක් දුරයි.ඉතින් පන්ති අරින්නෙත් රෑ වෙලා.ආයේ එහේ ගිහින් එන්න හිටියොත් අම්මගෙන් බැනුම් අහන්න වෙන නිසා මම ගේ ගාවින්ම බහිනවා :(. ඒත් ඉතින් බැස්සට මොකද හිත තියෙන්නේ බස් එකේනේ.

ඔන්න ඔහොම දින සති මාස ගනන් ගත වෙලා ගියා අපිටත් නොදැනිම.මාත් ඉතින් එයා යන බස් එකේම යනවා.ගිහින් පහුවදා ආයෙත් පන්ති එනවා.මම ඉතින් ලැජ්ජ පොලිස්කාරය නිසා එයත් එක්ක කතා කරන්නත් මොකක්ද වගේ.ඒත් මම එයත් එක්ක හිනා වෙන්න නම් අමතක කලේ නෑ.දකින දකින හැම පාරකම වගේ මම එයත් එක්ක හිනා වුනා.එයත් ඉතින් හිනාවෙනවා.එයා හිනාවෙනකොට නිකන් පූජා වගේ.කෝම කෝම හරි A/L අත ළඟටම ආවා.ඉතින් ඒ වෙනකොට පාඩම් කරනකොටත් එයාව මතක් වෙනවා.

images

අපේ පන්තියේ අන්තිම දවසේ පොඩි පාටියක් තිබ්බා මම එදා නම් එයා ගෙන් අහනවා කියලා හිතේ තියාගෙන හිටියා.පස්සේ මට හිතුනා විභාගේ ළඟ නිසා මෙයා ඒකට කැමති නැති වෙයි කියලා.ඒ නිසා අන්තිමට මට එයාගෙන් අහන්න බැරි උනා.

මට ඒ දවස අද වගේ මතකයි.මම කෝම හරි එයත් එක්ක කතා කරනවා කියලා හිතාගෙන පාටිය ඉවර උනාම එයා ළඟට ගියා.ගිහින් අතට අත දීලා මම එයාට සුභ පැතුවා. එදා නම් මම එයා යනකම් හිටියෙ නෑ. මම කලින්ම ගෙදර ආවා.ඒත් දුකයි මොකද එදා තමයි එයාව මම දැක්ක අන්තිම දවස.

ප.ලි. ඇත්තටම කියනවනම් අද වෙනකම් මම එයාගේ නම දන්නේ නෑ

-THE END-

 
Copyright 2009 ජීවිතයට පාට දෙන්න....... Powered by Blogger
Blogger Templates created by Deluxe Templates
Wordpress by Wpthemescreator
This template is brought to you by :AllBlogTools.com All Blog Tools.com
Blogger Showcase