Pages

Showing posts with label පොඩි පොඩි කතා. Show all posts
Showing posts with label පොඩි පොඩි කතා. Show all posts

January 23, 2011

එයාගේ කතාව II

ඔන්න යාළුවනේ ගොඩ කාලෙකට පස්සේ ඉතින් බ්ලොග් එක පැත්තේ ආවා එයාගේ කතාවත් අරගෙන. එයාගේ කතාව I මෙතනින් .

ඔන්න ඒනම් කතාව අහන්නකෝ

ඔන්න ඉතින් කෝම කෝම හරි එයා ඉන්න තැනත් හොයා ගත්තා.(අමලයට පින් සිද්ද වෙන්න ) ඒත් වැඩේ කියන්නේ එයා ඉන්න තැනට අපේ ගෙවල් ගාව ඉඳන් ටිකක් දුරයි.ඉතින් පන්ති අරින්නෙත් රෑ වෙලා.ආයේ එහේ ගිහින් එන්න හිටියොත් අම්මගෙන් බැනුම් අහන්න වෙන නිසා මම ගේ ගාවින්ම බහිනවා :(. ඒත් ඉතින් බැස්සට මොකද හිත තියෙන්නේ බස් එකේනේ.

ඔන්න ඔහොම දින සති මාස ගනන් ගත වෙලා ගියා අපිටත් නොදැනිම.මාත් ඉතින් එයා යන බස් එකේම යනවා.ගිහින් පහුවදා ආයෙත් පන්ති එනවා.මම ඉතින් ලැජ්ජ පොලිස්කාරය නිසා එයත් එක්ක කතා කරන්නත් මොකක්ද වගේ.ඒත් මම එයත් එක්ක හිනා වෙන්න නම් අමතක කලේ නෑ.දකින දකින හැම පාරකම වගේ මම එයත් එක්ක හිනා වුනා.එයත් ඉතින් හිනාවෙනවා.එයා හිනාවෙනකොට නිකන් පූජා වගේ.කෝම කෝම හරි A/L අත ළඟටම ආවා.ඉතින් ඒ වෙනකොට පාඩම් කරනකොටත් එයාව මතක් වෙනවා.

images

අපේ පන්තියේ අන්තිම දවසේ පොඩි පාටියක් තිබ්බා මම එදා නම් එයා ගෙන් අහනවා කියලා හිතේ තියාගෙන හිටියා.පස්සේ මට හිතුනා විභාගේ ළඟ නිසා මෙයා ඒකට කැමති නැති වෙයි කියලා.ඒ නිසා අන්තිමට මට එයාගෙන් අහන්න බැරි උනා.

මට ඒ දවස අද වගේ මතකයි.මම කෝම හරි එයත් එක්ක කතා කරනවා කියලා හිතාගෙන පාටිය ඉවර උනාම එයා ළඟට ගියා.ගිහින් අතට අත දීලා මම එයාට සුභ පැතුවා. එදා නම් මම එයා යනකම් හිටියෙ නෑ. මම කලින්ම ගෙදර ආවා.ඒත් දුකයි මොකද එදා තමයි එයාව මම දැක්ක අන්තිම දවස.

ප.ලි. ඇත්තටම කියනවනම් අද වෙනකම් මම එයාගේ නම දන්නේ නෑ

-THE END-

December 19, 2010

එයාගේ කතාව I

හුඟ කාලෙකින් ඉතින් බ්ලොග් එක පැත්තේ ආවේ (දැන් ඉතින් මේ පැත්තේ එන්නත් වෙලාවක් නෑ නොවැ ) .. ඉඩ ලැබෙන ලැබෙන පාරට පොඩි පොඩි කතා ටිකක් කියලා යන්න හිතුවා

මේක ඉතින් සිද්ද උනේ මීට අවුරුදු 3 කට විතර ඉස්සෙල්ලා. ඒ කාලේ ඉතින් අපි පොඩි කොල්ලො නොවැ (දැනුත් ඉතින් පොඩි ලමයි තමා) උ.පෙ පන්ති යන්න පටන් ගත්ත මුල් කාලෙම වගේ තමා මම මුලින්ම එයාව දැක්කේ.එයා වාඩි වුනේ හරියටම 5 වෙනි පේලියේ දකුනු පැත්තේ.අපි හිටියේ ඒ පේලියෙ වම් පැත්තේ.මට ඉතින් පන්තියෙදි මෙයාව දකින්නේ නැතුව ඉන්නත් බෑ වගේ නිකම් කාන්සාව වගේ

images

අපි ඉතින් පන්තිය ඉවර උන ගමන් ඉක්මනට දුවනවා ගෙදර යන්න.දවසක් අපි බස් හෝල්ට් එකට යනකොට ටිකක් පරක්කු උනා.ඔන්න දැන් එතනට යනකොට දැකලා පුරුදු කෙනෙක් ඉන්නවා.අප්පට සිරි බැලින්නම් අරයා. මට නිකම් මොකක්ද උනා වගේ ඒ වෙලාවේ.මම ඒ කාලේ ඉතින් ලැජ්ජා පොලිස් නේ.(දැනුත් ඉතින් එහෙම තමා). මම ඉතින් මගේ යාලුවට කිවුවා අරයා ඉන්නවා කියලා.ඌ කියපි මම කලින් දැක්කා උඹත් දකින කම් හිටියේ කියලා (මොනා උනත් අමලයා හොඳ එකා) .ඔන්න ඔහොම ඉන්නකොට බස් එකකුත් ආවා.මෙයා ඉස්සරහින් නැග්ගා.මායි අමලය යි පිටිපස්සෙන් නැග්ගා.

ඔන්න දැන් බස් එකත් යනවා.මම බහින හෝල්ට් එකත් ලන් වෙනවා.අරයා තාමත් බස් එකේ.මට බහින්නත් බෑ වගේ.මොනා කරන්නද මම හිත හදාගෙන බහින්න ලන් වෙලා අමලයට කිවුවා.අරයා බහින තැන බලාගෙන ඊලඟ දවසේ මට කියන්න කියලා.ඒත් මම බස් එකෙන් බැස්සට මොකද මගේ හිත තිබ්බේ නම් බස් එකේ.නිදාගන්න ගියාම හිත තිබ්බෙත් බස් එකේම තමා.ඔන්න කෝම හරි ඊලඟ දවසේ පන්තිත් ගියා.අමලයා එනකම් මට ඉවසිල්ලක් නැතුව හිටියේ.මූ ආපු ගමන් මුගෙන් ඇහුවා කොහෙන්ද බැස්සේ කියලා . මූ කියපි ඉස්සරහා දොරින් කියලා.මට ඒ වෙලාවෙ මුගෙ ඔළුව අතගාන්න හිතුනා.කෝම කෝම හරි අමලයට කඩේ ගිහින් බහින තැනත් අහගත්තා.එත් අපේ ගෙවල් ළඟ ඉඳන් ටිකක් දුරයි.

                  -මතු සම්බන්ධයි-

ඊළඟ පාර මේ පැත්තේ ආවම කතාවේ ඉතුරු ටික කියන්නම්කෝ

October 8, 2010

මම දම් පාට ට වෛර කරමි...

images (2)

මේක අපේ class එකේදි වෙච්ච පොඩි සීන් එකක්.... ඔන්න ඒනම් කතාව අහන්නකෝ ...class එකේ ඉස්සරහින්ම ඉඳගන්නේ ඉතින් බවලත් උදවියනේ.අපි තමයි ඉතින් ඒ බවලත් උදවියට පිටිපස්සෙන් ඉඳගන්න බලවත් උදවිය.hikiz. ඔන්න එදත් ඉතින් ඒ විදියට ඉඳගත්තා කියමුකෝ.. ah අපි කියන්නේ කව්ද කියන්න අමතක උනානේ.. අපි කියන්නේ රන්බීරුයි,චමියයි,පුලයි,ශානයි,රජ්ජයි මේ අහින්සක මායි.ඔන්න ඉතින් පලවෙනි ස්ලොට් එකත් පටන් ගත්තා ..ඔහොම ඉතින් පැයක් විතර ගියා.. එකපාරටම චමියා දඟලන්න පටන් ගත්තා (මතක් වෙනකොටත් හිනා යනවා)ටික වෙලාවකින් මූ එකපාරටම කියපි දම් පාටින් ලා සඳ බැසයනවා කියලා. මම හිතුවා මූ සින්දුවක් වත් කියනවද කියලා. ඊටපස්සෙ ශානත් දම් පාටින් ලා සඳ බැසයනවලු. ඒ අස්සේ රජ්ජා දම් පාට පෑනක් ඉල්ලනවා මම බැලුවා මුන්ට මොකෝ එකපාරටම වුනේ කියලා... (මම ඉතින් අපේ උන් ගැන නිතරම වගේ හොයල බලන එකා නෙ ) මම නිකමට වගේ බවලත් උදවිය දිහා බැලුවා.. හපොයි එතකොටයි මට වැඩේ මීටර් උනේ..... එදා ඉදන් අද වෙනකම් මම දම් පාට ට කැමති නෑ....

ප.ලි මොකද එතන උනේ කියලනම් මගෙන් අහන්න එපා hikiz.

 
Copyright 2009 ජීවිතයට පාට දෙන්න....... Powered by Blogger
Blogger Templates created by Deluxe Templates
Wordpress by Wpthemescreator
This template is brought to you by :AllBlogTools.com All Blog Tools.com
Blogger Showcase