Pages

Showing posts with label විරහව. Show all posts
Showing posts with label විරහව. Show all posts

June 11, 2011

මතකද ඔබ හැර ගිය ඒ ආලය....

 

අතීතයේ එක සොඳුරු සැඳෑවක

සුපිපුනු මල් ඇති උයන් තලාවක

නෙතට නෙතක් මුන ගැසුන වෙලාවක

මතකද ඔබ ඉඟි කෙරුවා ආලය....

           අතීතයේ තව මියුරු සැඳැවක

           රුක් ගොමුවෙන් වට උයන් තලාවක

           මුවින් මුවට සිප ගත් ඒ මොහොතක

           මතකද ඔබ පැවසූව ඔබේ ආලය....

අතීතයේ තව අඳුරු සැඳැවක

අඳුරින් වට වුන පාලු සුසානෙක

සිතින් ගතින් වෙන් වුන ඒ මොහොතක

මතකද ඔබ හැර ගිය ඒ ආලය....

                     images

 

අතීතයේ එක සොඳුරු සැඳෑවක…..

 

මේ සින්දුව ඇහෙනකොට මට මතක් වෙනවා මීට අවුරුදු 3 කට කලින් වෙච්ච දෙයක් ඒක එක්තරා විදියක ආදර පටලැවිල්ලක් ටිකක් නවීන විදියට ...

ඒ කාලේ උසස් පෙල කරලා ගෙදර ඉන්න කාලේ.උදේම යාළුවො කට්ටියත් එක්ක කොහේ හරි යනවා විශේෂයෙන්ම ඔය ප්‍රදර්ශන බලන්න තමා.එහෙම ගිහින් හවස 6 වෙන්න කලින් කෝමහරි ගෙදරත් එනවා (නැත්තම් ඉතින් අම්මගෙන් බැනුම් කෝටියයි).
රෑ වෙද්දි ඉතින් කම්මැලියි.ඒ නිසා රෑට චැට් කරන්න පුරුදු වෙලා හිටියා.ඔහොම චැට් කරන් යද්දී දවසක් මම යාළුවෙක් ව අඳුර ගත්තා.එයාගේ නම තමයි L(දැනට L කියලා කියමුකෝ) .ඊටපස්සේ හැමදාම වගේ එයයි මායි චැට් කරන්න පුරුදු උනා.අපිටත් නොදැනිම කාලයත් ගෙවිල ගිහින් අවුරුද්දකටත් ලන් උනා.ඒ වෙද්දී අපි අපිටත් නොදැනිම පෙම්වතුන් වෙලා.

     - මතු සම්බන්ධයි -

February 5, 2011

ඔබේ මතකයන් අමතක කරන්නත් බෑ යාළුවේ !!

වේදනාව සහ දුකත් එක්ක

මගේ දෙනෙත් බොඳ වෙලා වැස්ස වගේ
අඳුරු රාත්‍රියන් මගේ සහයකයා වෙලා


මට හැරයන්න දෙයක් මේ පාලු මගේ නැති තරම්
මුලු දිවියම ඇයත් එක්ක එකතු වෙලා
මට ඔබව අමතක කරන්න බෑ

ඔබේ මතකයන් අමතක කරන්නත් බෑ යාළුවේ
ඔබ මාව හඬවනවා
ඔබේ මතකයන් මගේ සිත තුල නිතර ගැවසෙනවා
මගේ අහිමි උන ආදරය මටම චෝදනා කරනවා


ඔබට තේරුම් ගන්න බැරිද යාළුවේ වෙන්වීමේ වේදනාව

මම ඔබෙන් වෙන් වූයේ මොහොතකටයි එය මගේ මග වෙනස් කලා
මට ඔබව නෑතිවෙන්න පටන් ගත් දිනේ සිටන් මට යමක් හෑඟුනා
මම මට ම අයිති නෑ වගේ

දැන් ඔබ මා අයදිනවා නම්
එය මා සනසවනවා මේ දුක් ගින්නෙන්

ඔබේ මතකයන් අමතක කරන්නත් බෑ යාළුවේ

anjaana anjaani චිත්‍රපටයෙන්

October 22, 2010

වෙන මා කරමි කුමක් ??

සිත සිතා ඔබ ගැන හිනැහෙමි ලතවෙමි


වෙන මා කරමි කුමක් ??


වෙන්වන්නට නම් හමු උනේ ඇයි


එයම හිතට දුකක්.......

sad boy

May 23, 2010

ඔයා මට කොච්චර විශේෂ ද ???




එක දෙයක් ඔයාට දෙන්න තිබ්බා නම්...

මම දෙනවා මගේ ඇස් දෙකින් ඔයා දිහා බලන්න

එහෙනම් ඔයාට තේරුම් ගන්න තිබ්බා

ඔයා මට කොච්චර විශේෂ ද කියලා........

May 13, 2010

පෙම් මල්


දෙතොලඟ දිදුලන.....
රීදි ඉරට මතු

මිහිරක අවාසනාවේ.....

වැලපෙන පෙම්ලොව
සිහින දකින්නද ??
පෙම් මල් පූදින්නේ.......

May 7, 2010

නුඹ

මා රිදවු නුඹේ සිතට කවදාවත් දුකක් නොදි....

මා හැඬ වූ නුඹේ නෙතට කවදාවත් කඳුලු නොදි.....

මට පි‍ටුපෑ නුඹේ ලොවට කවදාවත් සුසුම් නොදි.....

මම ඉන්නම් නොපෙනන ලෙස හැමදාටම ඈතට වී......

 
Copyright 2009 ජීවිතයට පාට දෙන්න....... Powered by Blogger
Blogger Templates created by Deluxe Templates
Wordpress by Wpthemescreator
This template is brought to you by :AllBlogTools.com All Blog Tools.com
Blogger Showcase