ඔන්න යාළුවනේ ගොඩ කාලෙකට පස්සේ ඉතින් බ්ලොග් එක පැත්තේ ආවා එයාගේ කතාවත් අරගෙන. එයාගේ කතාව I මෙතනින් .
ඔන්න ඒනම් කතාව අහන්නකෝ
ඔන්න ඉතින් කෝම කෝම හරි එයා ඉන්න තැනත් හොයා ගත්තා.(අමලයට පින් සිද්ද වෙන්න ) ඒත් වැඩේ කියන්නේ එයා ඉන්න තැනට අපේ ගෙවල් ගාව ඉඳන් ටිකක් දුරයි.ඉතින් පන්ති අරින්නෙත් රෑ වෙලා.ආයේ එහේ ගිහින් එන්න හිටියොත් අම්මගෙන් බැනුම් අහන්න වෙන නිසා මම ගේ ගාවින්ම බහිනවා :(. ඒත් ඉතින් බැස්සට මොකද හිත තියෙන්නේ බස් එකේනේ.
ඔන්න ඔහොම දින සති මාස ගනන් ගත වෙලා ගියා අපිටත් නොදැනිම.මාත් ඉතින් එයා යන බස් එකේම යනවා.ගිහින් පහුවදා ආයෙත් පන්ති එනවා.මම ඉතින් ලැජ්ජ පොලිස්කාරය නිසා එයත් එක්ක කතා කරන්නත් මොකක්ද වගේ.ඒත් මම එයත් එක්ක හිනා වෙන්න නම් අමතක කලේ නෑ.දකින දකින හැම පාරකම වගේ මම එයත් එක්ක හිනා වුනා.එයත් ඉතින් හිනාවෙනවා.එයා හිනාවෙනකොට නිකන් පූජා වගේ.කෝම කෝම හරි A/L අත ළඟටම ආවා.ඉතින් ඒ වෙනකොට පාඩම් කරනකොටත් එයාව මතක් වෙනවා.
අපේ පන්තියේ අන්තිම දවසේ පොඩි පාටියක් තිබ්බා මම එදා නම් එයා ගෙන් අහනවා කියලා හිතේ තියාගෙන හිටියා.පස්සේ මට හිතුනා විභාගේ ළඟ නිසා මෙයා ඒකට කැමති නැති වෙයි කියලා.ඒ නිසා අන්තිමට මට එයාගෙන් අහන්න බැරි උනා.
මට ඒ දවස අද වගේ මතකයි.මම කෝම හරි එයත් එක්ක කතා කරනවා කියලා හිතාගෙන පාටිය ඉවර උනාම එයා ළඟට ගියා.ගිහින් අතට අත දීලා මම එයාට සුභ පැතුවා. එදා නම් මම එයා යනකම් හිටියෙ නෑ. මම කලින්ම ගෙදර ආවා.ඒත් දුකයි මොකද එදා තමයි එයාව මම දැක්ක අන්තිම දවස.
ප.ලි. ඇත්තටම කියනවනම් අද වෙනකම් මම එයාගේ නම දන්නේ නෑ
-THE END-