Pages

December 19, 2010

එයාගේ කතාව I

හුඟ කාලෙකින් ඉතින් බ්ලොග් එක පැත්තේ ආවේ (දැන් ඉතින් මේ පැත්තේ එන්නත් වෙලාවක් නෑ නොවැ ) .. ඉඩ ලැබෙන ලැබෙන පාරට පොඩි පොඩි කතා ටිකක් කියලා යන්න හිතුවා

මේක ඉතින් සිද්ද උනේ මීට අවුරුදු 3 කට විතර ඉස්සෙල්ලා. ඒ කාලේ ඉතින් අපි පොඩි කොල්ලො නොවැ (දැනුත් ඉතින් පොඩි ලමයි තමා) උ.පෙ පන්ති යන්න පටන් ගත්ත මුල් කාලෙම වගේ තමා මම මුලින්ම එයාව දැක්කේ.එයා වාඩි වුනේ හරියටම 5 වෙනි පේලියේ දකුනු පැත්තේ.අපි හිටියේ ඒ පේලියෙ වම් පැත්තේ.මට ඉතින් පන්තියෙදි මෙයාව දකින්නේ නැතුව ඉන්නත් බෑ වගේ නිකම් කාන්සාව වගේ

images

අපි ඉතින් පන්තිය ඉවර උන ගමන් ඉක්මනට දුවනවා ගෙදර යන්න.දවසක් අපි බස් හෝල්ට් එකට යනකොට ටිකක් පරක්කු උනා.ඔන්න දැන් එතනට යනකොට දැකලා පුරුදු කෙනෙක් ඉන්නවා.අප්පට සිරි බැලින්නම් අරයා. මට නිකම් මොකක්ද උනා වගේ ඒ වෙලාවේ.මම ඒ කාලේ ඉතින් ලැජ්ජා පොලිස් නේ.(දැනුත් ඉතින් එහෙම තමා). මම ඉතින් මගේ යාලුවට කිවුවා අරයා ඉන්නවා කියලා.ඌ කියපි මම කලින් දැක්කා උඹත් දකින කම් හිටියේ කියලා (මොනා උනත් අමලයා හොඳ එකා) .ඔන්න ඔහොම ඉන්නකොට බස් එකකුත් ආවා.මෙයා ඉස්සරහින් නැග්ගා.මායි අමලය යි පිටිපස්සෙන් නැග්ගා.

ඔන්න දැන් බස් එකත් යනවා.මම බහින හෝල්ට් එකත් ලන් වෙනවා.අරයා තාමත් බස් එකේ.මට බහින්නත් බෑ වගේ.මොනා කරන්නද මම හිත හදාගෙන බහින්න ලන් වෙලා අමලයට කිවුවා.අරයා බහින තැන බලාගෙන ඊලඟ දවසේ මට කියන්න කියලා.ඒත් මම බස් එකෙන් බැස්සට මොකද මගේ හිත තිබ්බේ නම් බස් එකේ.නිදාගන්න ගියාම හිත තිබ්බෙත් බස් එකේම තමා.ඔන්න කෝම හරි ඊලඟ දවසේ පන්තිත් ගියා.අමලයා එනකම් මට ඉවසිල්ලක් නැතුව හිටියේ.මූ ආපු ගමන් මුගෙන් ඇහුවා කොහෙන්ද බැස්සේ කියලා . මූ කියපි ඉස්සරහා දොරින් කියලා.මට ඒ වෙලාවෙ මුගෙ ඔළුව අතගාන්න හිතුනා.කෝම කෝම හරි අමලයට කඩේ ගිහින් බහින තැනත් අහගත්තා.එත් අපේ ගෙවල් ළඟ ඉඳන් ටිකක් දුරයි.

                  -මතු සම්බන්ධයි-

ඊළඟ පාර මේ පැත්තේ ආවම කතාවේ ඉතුරු ටික කියන්නම්කෝ

November 19, 2010

චාටර් කූබියා





මේක මට ආපු e-mail එකක්

ඔයගොල්ලොන්වත් කූබියෙක් කෑවාම ඔය විදියට ම කරලා බලන්නකෝ hikiz

October 22, 2010

වෙන මා කරමි කුමක් ??

සිත සිතා ඔබ ගැන හිනැහෙමි ලතවෙමි


වෙන මා කරමි කුමක් ??


වෙන්වන්නට නම් හමු උනේ ඇයි


එයම හිතට දුකක්.......

sad boy

October 8, 2010

මම දම් පාට ට වෛර කරමි...

images (2)

මේක අපේ class එකේදි වෙච්ච පොඩි සීන් එකක්.... ඔන්න ඒනම් කතාව අහන්නකෝ ...class එකේ ඉස්සරහින්ම ඉඳගන්නේ ඉතින් බවලත් උදවියනේ.අපි තමයි ඉතින් ඒ බවලත් උදවියට පිටිපස්සෙන් ඉඳගන්න බලවත් උදවිය.hikiz. ඔන්න එදත් ඉතින් ඒ විදියට ඉඳගත්තා කියමුකෝ.. ah අපි කියන්නේ කව්ද කියන්න අමතක උනානේ.. අපි කියන්නේ රන්බීරුයි,චමියයි,පුලයි,ශානයි,රජ්ජයි මේ අහින්සක මායි.ඔන්න ඉතින් පලවෙනි ස්ලොට් එකත් පටන් ගත්තා ..ඔහොම ඉතින් පැයක් විතර ගියා.. එකපාරටම චමියා දඟලන්න පටන් ගත්තා (මතක් වෙනකොටත් හිනා යනවා)ටික වෙලාවකින් මූ එකපාරටම කියපි දම් පාටින් ලා සඳ බැසයනවා කියලා. මම හිතුවා මූ සින්දුවක් වත් කියනවද කියලා. ඊටපස්සෙ ශානත් දම් පාටින් ලා සඳ බැසයනවලු. ඒ අස්සේ රජ්ජා දම් පාට පෑනක් ඉල්ලනවා මම බැලුවා මුන්ට මොකෝ එකපාරටම වුනේ කියලා... (මම ඉතින් අපේ උන් ගැන නිතරම වගේ හොයල බලන එකා නෙ ) මම නිකමට වගේ බවලත් උදවිය දිහා බැලුවා.. හපොයි එතකොටයි මට වැඩේ මීටර් උනේ..... එදා ඉදන් අද වෙනකම් මම දම් පාට ට කැමති නෑ....

ප.ලි මොකද එතන උනේ කියලනම් මගෙන් අහන්න එපා hikiz.

September 20, 2010

ඒත් එයා මට කැමති වෙයිද ???

Love is life

මම එයාව තාම දැකලවත් නෑ ඒත් එයා ගැන අදහසක් තියෙනවා... මම නිතරම වගේ එයාට කතා කරනවා .... එයා මාව යාළුවෙක් විදියට දකිනවද දන්නෙත් නෑ.. මට එයාට මේ ගැන කියන්නත් ඕනෙ... මම ඒක එයාට කියන්නද ?? ඒත් එයා මට කැමති වෙයිද ???

ඔයගොල්ලො මොකද කියන්නේ ???

September 9, 2010

අමතක වෙන්නේ නැති තැන් ටිකක්..

 

 

  • O/L වලට class ගිය Shasthra එක
  • A/L වලට class ගිය Alpha එක
  • කොහුවල බස් halt එක
  • කොළඹ රීගල් filmhall එක
  • විහාර මහා දේවී park එක
  • මරදාන station එක
  • ගල්කිස්ස beach එක
  • සත්තු වත්ත

images (2)       images

August 25, 2010

ආදරයට පි‍ටුපා මා හැර යන්න එපා !!

images

මදක් නවතින්න.. මට සවන් දෙන්න..
මගේ හදවත ඔබ ගැන ගතු කියයි
කිසි හේතුවක් නැතුව මට රිදවන්න එපා
ආදරයට පි‍ටුපා මා හැර යන්න එපා

මගේ ආශාව ඔයා මා ගාවට ඒමයි
මාව තනිකර ලා යන්න එපා
මා වෙත ඇවිත් මාත් එක්කම ඉන්න

හැම මොහොතෙම ඔයා නැති අඩුව දැනෙනවා
මගේ ජීවිතය ඔයා පස්සෙන් වැටිලා
මගේ ආදරය මට අහිමි වෙලා
නොදු‍ටු නො ඇසුනු සිතුම් අවදි කරනවා

මීට කලින් කෙදිනකවත් මෙහෙම සිදුවෙලා නෑ
මගේ ආදරය විශ්වාස කරන්න

මගේ ආශාව ඔයා මා ගාවට ඒමයි
මාව තනිකර ලා යන්න එපා

-To be continued..-

(Ajab Prem Ki Ghazab Kahani චිත්‍රපට යෙන්.. )

August 13, 2010

නුඹ සිසිල දේ නම්...



හිරු වෙලා මම එළිය වෙන්නම්..

සඳු වෙලා නුඹ සිසිල දේ නම්

නෙතු සලා ලංවෙන්න බැරි නම්...

අපි එකම අහසක සිතා සැනසෙන්නම්

August 5, 2010

මෙන්න බිත්තර කටු......

August 2, 2010

LATEST SCHOOLS HABITZ

14355_1168659931847_1088419371_30510095_3170108_n

(අන්තර්ජාලයෙන්.....)

July 25, 2010

කුමුදු පින්තු ගුරු පියාණෙනි ඔබට නිවන් සුව !!


ද ඔබ නික්ම ගිහින්... ඔබගේ ජීවිතයෙන් අප ගත් දේ බොහෝ ය..... ඔබගේ තම තම නැණ පමණින් බ්ලොගයෙන් ගත් දේවල්ද බොහෝය.... ඔබගේ අවසාන ලිපිය මිනීමල් හා මරණයට ඇති බිය ලියූ වේ ඒ බව දැනගෙනද ??

අහෝ සුන්දර වූ මිනිසෙකුගේ නික්මයාමක්....

කුමුදු පින්තු ගුරු පියාණෙනි ඔබට නිවන් සුව !!

July 24, 2010

ඇත්තක්ද ? බොරුවක්ද ?

 

ඔහු මනෝ ලෝකයේ සිට ඇයට පෙම් කරද්දි

ඇය පියවි ලෝකයේ තනි වෙයි


ඇයගේ දුක ඔහුට නොපෙනෙයි


ඇය ඔහුගෙන් ප්‍රේමය යදිද්දී


ඔහු නිහඬයි


ඇය කඳුළු සලයි

 

images (2)

July 19, 2010

ගිරවියේ ගිරවියේ.......

ගිරවියේ ගිරවියේ.........

ඔබගේ දෙනෙත් මා දු‍ටුවා.....

ඔබගේ දෙනෙතේ ‍රැදි ‍රැව මා දු‍ටුවා....

හිතවතියේ.....

(Ayan චිත්‍රපටයෙන්....)

July 13, 2010

සිත සිතා ඔබ ගැන !!!!

                  46

 

සිත සිතා ඔබ ගැන

හිනැහෙමි ලත වෙමි

වෙන මා කරමි කුමක්

 

වෙන්වන්නට නම්

හමු උනෙ ඇයි අපි

එයම හිතට දුකක්

July 5, 2010

ඔබගේ නෙතු මුන ගැසුනු දින පටන්

images

ඔබගේ නෙතු මුන ගැසුනු දින පටන්

මා උමතු වූවා

සැම අතින්ම

ඔබගෙන් ඉඟියක් ලද දින පටන්

මා බෙහෙවින් කලබල වූවා

ඔබ මා හට හීන් හඩින් කොඳුරූ දින පටන්

මාගේ හැඟිම් සියල්ල නැති වූවා

අපගේ හදවත් එක් වූ දින පටන්

මා උමතු වූවා

කලබල වූවා

(Saawariyaa චිත්‍රපටයෙන්.. .)

June 28, 2010

මේක අපි පොඩි කාලේ කියපු සින්දුවක් නේ....

 

images

row,row,row your boat,

Gently down the stream

merrily,merrily,merrily,merrily.

life is but a dream.....

 

මේක අපි පොඩි කාලේ කියපු සින්දුවක් නේ.....

June 21, 2010

කෙසේ කියන්නද මම ඔබට ආදරේ ඇයි කියලා....





කෙසේ කියන්නද මම ඔබට ආදරේ ඇයි කියලා....
කොතෙක් උත්සහ කරත් මට බෑ
මගේ දෙනෙතින් හදවතේ හැගුම් කියා සිටිනවා
ඇයි ඔබට තේරුම් ගන්න බැරි

අපි ගොඩාක් ඈතයි
දෙවියන් තමා දන්නේ ඒ ඇයි කියලා

මාගේ සිහිනයන් ඔබ ගැන ගතු කියයි
දෙවියන් තමා දන්නේ ඒ ඇයි කියලා


මගේ දෙනෙතින් හදවතේ හැගුම් කියා සිටිනවා
ඇයි ඔබට තේරුම් ගන්න බැරි

මට ඔබට කියන්න තියෙනව මගේ සිතුම් ගැන
ඒත් ඔබ ඉදිරියේ මට පවසන්න බෑ

ඔබ මට ආගන්තුක නෑ සොදුරියේ
ඒත් ඔබ මට අයිති නෑ
මගේ සිත වැළපෙනවා එයින් මම ළතැවෙනවා
ඒත් තාමත් ඔයාගේ සිහිනයන් වලින් මම උමතු වෙලා

ඔබට කෙසේ කියන්නද මම ඔබට ආදරේ ඇයි කියලා....





(Ajab Prem Ki Ghazab Kahani චිත්‍රපටයෙන්....)

June 16, 2010

╰☆╮ අහිමි වූ ප්‍රේමය╰☆╮


Delete කරන්නට
සිතුනි ඔබේ පෙම,
අහිමි නිසා මට
Save කර නැවත
බැලුවෙමි
හිමි වේ දැයි කියා මට
අහෝ දුකකි !
Save කර තිබුනේ මම
අන්සතු Folder යක්
තුළය ඔබේ සිත...
Rename කර මගේ නම
පනින්නට සිතුවද ඔබ තුළට
මට ඇතුළු විය නොහැකි
සේ
Password දමා තිබුණි
ඇය,
ඔබේ සිතට....


(මූනුපොතේ දී දු‍ටු එකක්)

June 13, 2010

පොඩි පොඩි කතා .......













June 9, 2010

විවාහකයන්ට කියවනු පිණිසයි..

  • කෙසේ හෝ විවාහ වන්න.ඔබට යහපත් බිරියක් ලැබුනහොත් ඔබ සතුටට පත්වෙනු ඇත.නරක බිරියක් ලැබුනහොත් දාර්ශනිකයෙක් වෙනු ඇත.

-සොක්‍රටීස්-

  • ඔබේ බිරිය වෙනත් මිනිසෙකු පැහැරගෙන යනු ලැබුවහොත්,ඔහුගෙන් පලිගත හැකි හොදම ක්‍රමය ඇය ඔහුටම තබා ගැනීමට ඉඩ හැරීමය.

-සවා ගුයිට්‍රි-

  • ආලය මුලුමනින්ම රසායන විෂයට සම්බන්ධ කරුණකැයි පොතක තිබෙනු මෑතකදි මම දු‍ටුවෙමි.මගේ බිරිය, විෂ අපද්‍රව්‍යයක් ලෙස මට සලකන්නේ ඒ නිසා විය යුතුය.

-ඩේවිඩ් බිසොනෙටේ-

  • කාන්තාවන් උසස් කාර්යයන් සදහා අප දිරි ගන්වා, ඒවා ලබාගැනීමෙන් අපව වලක්වාලයි.

-ඩූ මාස්-

  • විවාහයෙන් පසු බිරිය හා සැමියා කාසියක දෙපැත්ත මෙන් වේ. එකිනෙකාට මුහුනදිය නොහැකි වුවද ඔවුහු එකට ජීවත් වෙති.

  • ප්‍රීතිමත් විවාහයක් යනු එක්තරා ආකාරයක හුවමාරු කිරීමකි.සැමියා දෙයි.බිරිය බාර ගනී.

  • මට පිලිතුරු දිය නොහැකි බරපතලම ප්‍රශ්නය නම් "ගැහැනියකට අවශ්‍යය කුමක්ද?" යන්නයි.



-අන්තර්ජාලයෙන්-

June 3, 2010

ඔයා ගැනම සිහින මවනවා......

ඔයා ගැන සිහින දකින එක නම්

ඔයාව මුන ගැහෙන්න තියෙන එකම ක්‍රමය


මගේ දෙනෙත වසාගෙනම

ඔයා ගැන සිහින මවනවා......

May 31, 2010

සිනහව සමග පිබිදෙන්න


සිනහව සමග පිබිදෙන්න

ජීවිතය සමග ඉදිරියට යන්න

ප්‍රබෝදමත් වන්න

සතු‍ටු වෙන්න

රස විදින්න

අත් විදින්න

May 26, 2010

හඬවයි දවයි මා.....

ආදරය නම්

ජීවිතය වේ

ජීවිතය නම්

කඳුළක් ම වේ

කඳුළ නුඹ නම්

සතුටක් කොහේ

හඬවයි දවයි මා

නෙතු මායිමේ

May 23, 2010

ඔයා මට කොච්චර විශේෂ ද ???




එක දෙයක් ඔයාට දෙන්න තිබ්බා නම්...

මම දෙනවා මගේ ඇස් දෙකින් ඔයා දිහා බලන්න

එහෙනම් ඔයාට තේරුම් ගන්න තිබ්බා

ඔයා මට කොච්චර විශේෂ ද කියලා........

May 20, 2010

සිහිනය

මගේ සිහිනය තුල ඔබ මගේ ය

නමුත්

මගේ ජීවිතය තුල ඔබ සිහිනයකි.......



May 16, 2010

ජීවිතය කියන්නෙ මොකක් ද ??

දුක උනත්
සතුට උනත්
අපිට ඒ දෙකටම මූන දෙන්න වෙනවා

නමුත්

ජීවිතය අත්විදින්න
සෑබෑවට මූන දෙන්න
ඇත්ත තේරුම් ගන්න වෙනවා

ඒක තමා
ජීවිතය





අපි හැමෝටම මූන දෙන්න වෙන

May 13, 2010

පෙම් මල්


දෙතොලඟ දිදුලන.....
රීදි ඉරට මතු

මිහිරක අවාසනාවේ.....

වැලපෙන පෙම්ලොව
සිහින දකින්නද ??
පෙම් මල් පූදින්නේ.......

May 10, 2010

ඔබ දු‍ටු විට දැනගතිමි පෙම්වතියේ........

ඔබ දු‍ටු විට දැනගතිමි පෙම්වතියේ........
ආදරය උමතුවක් බව //

මා වෙන කොහෙ යන්නද? ඔබ තුරුලේ මිය යන්නෙමි.......
මාගේ දෙනෙතේ ‍රැදි සිහිනය ඔබමද?

මේ ප්‍රානය ද සුසුමන් ද ඔබේමය.........
මගේ කියා කිසිත් නැත
මාගේ දෙනෙතින් කඳුලු සැලුනේ....... ඔබ නිසාවෙන්ද?

මගේ සිත මටම එකඟ නැත මා කුමක් කරන්නද?

ඔබ අඬගැසුවා මා පැමිනියා.....
ආදරයට වැඩි යමක් තිබේ ද?







Dilwale Dulhania Lejayenge (හදවත ඇත්තා මනාලිය ‍රැගෙන යයි) චිත්‍රපටයෙන්........

සිහිනය

දැක ගන්නත් නැති වූ

ලංවෙන්නත් බැරි වූ

ආදරයකි අප සතු වූ

මිරිඟුවට ලන් වූ

සිහිනයක් බඳු වූ

හදවතට දැන වූ
සෑබෑවකි අපේ ආදරය

May 7, 2010

නුඹ

මා රිදවු නුඹේ සිතට කවදාවත් දුකක් නොදි....

මා හැඬ වූ නුඹේ නෙතට කවදාවත් කඳුලු නොදි.....

මට පි‍ටුපෑ නුඹේ ලොවට කවදාවත් සුසුම් නොදි.....

මම ඉන්නම් නොපෙනන ලෙස හැමදාටම ඈතට වී......

May 6, 2010

තරු කුමරිය

හිරු සැඟවුනු සීත රාත්‍රියේ......
උනුසුම වෙලා ආව සඳු ගේ හිනාවට ආස වෙලා
ලගටම ආපු පුන්චි තරුවක් වෙනසක් නැතුව සඳ ලගින්ම උන්නා.....

ඒ සොඳුරු සඳයි අවිහින්සක තරු කුමරිය යි.....
හිනාවෙන ලස්සන බලන්නම තමයි
හැමදාම හවසට සේපාලිකා මල් සුවඳ වෙලා පිපුනෙ......

ඒත් නොහිතපු විදිහකට
සඳුගෙ හිනාව ලග හිටපු තරු කුමරිය
කාටත් හොරෙන්ම දුරට ගිහින්
වෙනදා හිනා උන සඳු දැන් දුකින් මග බලන් ඉන්නවා
පුන්චි තරු කුමරිය ආයේ එනකන්.........

තිළිණය


ලැබෙනා තරමට.......... විඳිය නොහැකි
විඳින තරමට........... පිදිය නොහැකි
එකම තිළිණය
.
.
.
.
.

ආදරය යි

May 5, 2010

සඳ

සඳ නැගි හිනැහිලා.....

මතක සේයා මවා....

රැගෙන යයි ඈතකට.....

සිතේ සේයා මවා.....

ඔබේ රුව හැංගිලා.....

සිතේ සේයා වෙලා.....

ආදරය ගැන කියයි.....

අපේ දූක හංගලා.....






ආදරය


දුටුවෙමි හදේ පිවිතුරු බවක්
හඳුනමි සිතේ බැඳි සෙනෙභසක්
මට නැත අගේ වෙන උන් යමක්
හිනැහෙන නුඹේ හද මෙන් තවත්
 
Copyright 2009 ජීවිතයට පාට දෙන්න....... Powered by Blogger
Blogger Templates created by Deluxe Templates
Wordpress by Wpthemescreator
This template is brought to you by :AllBlogTools.com All Blog Tools.com
Blogger Showcase