විශ්වාස කල හැකි සන්තාපය ස්ථීර වූ පාඩුවක්
නොවේ, නමුත් මෘදු ශෝකය අප ආදරය කරන කාට
හරි නික්ම යාමෙදී සOවේගයක් උපදවයි.සමහර විට
අද ගෙන දෙන්නා වූ දුක ඔබට නිවන් දැකීමට
මාර්ගයක් විය හැක.
දයාබර සොයුර ඔබට නිවන් සුව !!
ජීවිතයෙන් ජීවිතයට
විශ්වාස කල හැකි සන්තාපය ස්ථීර වූ පාඩුවක්
නොවේ, නමුත් මෘදු ශෝකය අප ආදරය කරන කාට
හරි නික්ම යාමෙදී සOවේගයක් උපදවයි.සමහර විට
අද ගෙන දෙන්නා වූ දුක ඔබට නිවන් දැකීමට
මාර්ගයක් විය හැක.
දයාබර සොයුර ඔබට නිවන් සුව !!
ඔබ තවමත් සඳ එළියයි
සමහර විට ඔබ සුකුමාලයි
සමහර විට ඔබ සුර දූතියක්
ඔබව දුටු විට සිත ඇදී යනවා
සමහර විට ඔබ දෙවියන්ගේ තිළිණයක්
අහා ඔබ ලස්සනයි ඔබ දෙවඟනක් වැනියි
ඔබ ලැජ්ජාවෙන් ඉවත බලා සිටියත් ඔබ සතුටින්
සිටිනවනම් එයයි මගේ විශ්වාසය
ඔබ මත් ගතියෙන් වෙලිලා
ඔබගේ නිරුත්තර දෙ ඇස් ආයාචනා කරනවා වගෙයි
ඔබගේ ස්වරය ප්රාර්ථනාවක් වගෙයි
ඔබගේ දසුන හැමතැනම පේනවා
තවමත් එය දුරක සැඟවත්
අහා ඔබ ලස්සනයි ඔබ දෙවඟනක් වැනියි
හැඬීමෙන් මා රෝගී වෙලා
ඔබ සෙවීමෙන් මා හෙම්බත් වෙලා
ඔව්,
මම හිනැහෙනවා ඔබට පෙනෙන්නට
ඒත්,
මම ඇතුලතින් මියැදිලා...
වේදනාව සහ දුකත් එක්ක
මට හැරයන්න දෙයක් මේ පාලු මගේ නැති තරම්
මුලු දිවියම ඇයත් එක්ක එකතු වෙලා
මට ඔබව අමතක කරන්න බෑ
ඔබේ මතකයන් අමතක කරන්නත් බෑ යාළුවේ
ඔබ මාව හඬවනවා
ඔබේ මතකයන් මගේ සිත තුල නිතර ගැවසෙනවා
මගේ අහිමි උන ආදරය මටම චෝදනා කරනවා
ඔබට තේරුම් ගන්න බැරිද යාළුවේ වෙන්වීමේ වේදනාව
මම ඔබෙන් වෙන් වූයේ මොහොතකටයි එය මගේ මග වෙනස් කලා
මට ඔබව නෑතිවෙන්න පටන් ගත් දිනේ සිටන් මට යමක් හෑඟුනා
මම මට ම අයිති නෑ වගේ
දැන් ඔබ මා අයදිනවා නම්
එය මා සනසවනවා මේ දුක් ගින්නෙන්
ඔබේ මතකයන් අමතක කරන්නත් බෑ යාළුවේ
ඔන්න යාළුවනේ ගොඩ කාලෙකට පස්සේ ඉතින් බ්ලොග් එක පැත්තේ ආවා එයාගේ කතාවත් අරගෙන. එයාගේ කතාව I මෙතනින් .
ඔන්න ඒනම් කතාව අහන්නකෝ
ඔන්න ඉතින් කෝම කෝම හරි එයා ඉන්න තැනත් හොයා ගත්තා.(අමලයට පින් සිද්ද වෙන්න ) ඒත් වැඩේ කියන්නේ එයා ඉන්න තැනට අපේ ගෙවල් ගාව ඉඳන් ටිකක් දුරයි.ඉතින් පන්ති අරින්නෙත් රෑ වෙලා.ආයේ එහේ ගිහින් එන්න හිටියොත් අම්මගෙන් බැනුම් අහන්න වෙන නිසා මම ගේ ගාවින්ම බහිනවා :(. ඒත් ඉතින් බැස්සට මොකද හිත තියෙන්නේ බස් එකේනේ.
ඔන්න ඔහොම දින සති මාස ගනන් ගත වෙලා ගියා අපිටත් නොදැනිම.මාත් ඉතින් එයා යන බස් එකේම යනවා.ගිහින් පහුවදා ආයෙත් පන්ති එනවා.මම ඉතින් ලැජ්ජ පොලිස්කාරය නිසා එයත් එක්ක කතා කරන්නත් මොකක්ද වගේ.ඒත් මම එයත් එක්ක හිනා වෙන්න නම් අමතක කලේ නෑ.දකින දකින හැම පාරකම වගේ මම එයත් එක්ක හිනා වුනා.එයත් ඉතින් හිනාවෙනවා.එයා හිනාවෙනකොට නිකන් පූජා වගේ.කෝම කෝම හරි A/L අත ළඟටම ආවා.ඉතින් ඒ වෙනකොට පාඩම් කරනකොටත් එයාව මතක් වෙනවා.
අපේ පන්තියේ අන්තිම දවසේ පොඩි පාටියක් තිබ්බා මම එදා නම් එයා ගෙන් අහනවා කියලා හිතේ තියාගෙන හිටියා.පස්සේ මට හිතුනා විභාගේ ළඟ නිසා මෙයා ඒකට කැමති නැති වෙයි කියලා.ඒ නිසා අන්තිමට මට එයාගෙන් අහන්න බැරි උනා.
මට ඒ දවස අද වගේ මතකයි.මම කෝම හරි එයත් එක්ක කතා කරනවා කියලා හිතාගෙන පාටිය ඉවර උනාම එයා ළඟට ගියා.ගිහින් අතට අත දීලා මම එයාට සුභ පැතුවා. එදා නම් මම එයා යනකම් හිටියෙ නෑ. මම කලින්ම ගෙදර ආවා.ඒත් දුකයි මොකද එදා තමයි එයාව මම දැක්ක අන්තිම දවස.
ප.ලි. ඇත්තටම කියනවනම් අද වෙනකම් මම එයාගේ නම දන්නේ නෑ
-THE END-
හුඟ කාලෙකින් ඉතින් බ්ලොග් එක පැත්තේ ආවේ (දැන් ඉතින් මේ පැත්තේ එන්නත් වෙලාවක් නෑ නොවැ ) .. ඉඩ ලැබෙන ලැබෙන පාරට පොඩි පොඩි කතා ටිකක් කියලා යන්න හිතුවා
මේක ඉතින් සිද්ද උනේ මීට අවුරුදු 3 කට විතර ඉස්සෙල්ලා. ඒ කාලේ ඉතින් අපි පොඩි කොල්ලො නොවැ (දැනුත් ඉතින් පොඩි ලමයි තමා) උ.පෙ පන්ති යන්න පටන් ගත්ත මුල් කාලෙම වගේ තමා මම මුලින්ම එයාව දැක්කේ.එයා වාඩි වුනේ හරියටම 5 වෙනි පේලියේ දකුනු පැත්තේ.අපි හිටියේ ඒ පේලියෙ වම් පැත්තේ.මට ඉතින් පන්තියෙදි මෙයාව දකින්නේ නැතුව ඉන්නත් බෑ වගේ නිකම් කාන්සාව වගේ
අපි ඉතින් පන්තිය ඉවර උන ගමන් ඉක්මනට දුවනවා ගෙදර යන්න.දවසක් අපි බස් හෝල්ට් එකට යනකොට ටිකක් පරක්කු උනා.ඔන්න දැන් එතනට යනකොට දැකලා පුරුදු කෙනෙක් ඉන්නවා.අප්පට සිරි බැලින්නම් අරයා. මට නිකම් මොකක්ද උනා වගේ ඒ වෙලාවේ.මම ඒ කාලේ ඉතින් ලැජ්ජා පොලිස් නේ.(දැනුත් ඉතින් එහෙම තමා). මම ඉතින් මගේ යාලුවට කිවුවා අරයා ඉන්නවා කියලා.ඌ කියපි මම කලින් දැක්කා උඹත් දකින කම් හිටියේ කියලා (මොනා උනත් අමලයා හොඳ එකා) .ඔන්න ඔහොම ඉන්නකොට බස් එකකුත් ආවා.මෙයා ඉස්සරහින් නැග්ගා.මායි අමලය යි පිටිපස්සෙන් නැග්ගා.
ඔන්න දැන් බස් එකත් යනවා.මම බහින හෝල්ට් එකත් ලන් වෙනවා.අරයා තාමත් බස් එකේ.මට බහින්නත් බෑ වගේ.මොනා කරන්නද මම හිත හදාගෙන බහින්න ලන් වෙලා අමලයට කිවුවා.අරයා බහින තැන බලාගෙන ඊලඟ දවසේ මට කියන්න කියලා.ඒත් මම බස් එකෙන් බැස්සට මොකද මගේ හිත තිබ්බේ නම් බස් එකේ.නිදාගන්න ගියාම හිත තිබ්බෙත් බස් එකේම තමා.ඔන්න කෝම හරි ඊලඟ දවසේ පන්තිත් ගියා.අමලයා එනකම් මට ඉවසිල්ලක් නැතුව හිටියේ.මූ ආපු ගමන් මුගෙන් ඇහුවා කොහෙන්ද බැස්සේ කියලා . මූ කියපි ඉස්සරහා දොරින් කියලා.මට ඒ වෙලාවෙ මුගෙ ඔළුව අතගාන්න හිතුනා.කෝම කෝම හරි අමලයට කඩේ ගිහින් බහින තැනත් අහගත්තා.එත් අපේ ගෙවල් ළඟ ඉඳන් ටිකක් දුරයි.
-මතු සම්බන්ධයි-
ඊළඟ පාර මේ පැත්තේ ආවම කතාවේ ඉතුරු ටික කියන්නම්කෝ