Pages

December 19, 2010

එයාගේ කතාව I

හුඟ කාලෙකින් ඉතින් බ්ලොග් එක පැත්තේ ආවේ (දැන් ඉතින් මේ පැත්තේ එන්නත් වෙලාවක් නෑ නොවැ ) .. ඉඩ ලැබෙන ලැබෙන පාරට පොඩි පොඩි කතා ටිකක් කියලා යන්න හිතුවා

මේක ඉතින් සිද්ද උනේ මීට අවුරුදු 3 කට විතර ඉස්සෙල්ලා. ඒ කාලේ ඉතින් අපි පොඩි කොල්ලො නොවැ (දැනුත් ඉතින් පොඩි ලමයි තමා) උ.පෙ පන්ති යන්න පටන් ගත්ත මුල් කාලෙම වගේ තමා මම මුලින්ම එයාව දැක්කේ.එයා වාඩි වුනේ හරියටම 5 වෙනි පේලියේ දකුනු පැත්තේ.අපි හිටියේ ඒ පේලියෙ වම් පැත්තේ.මට ඉතින් පන්තියෙදි මෙයාව දකින්නේ නැතුව ඉන්නත් බෑ වගේ නිකම් කාන්සාව වගේ

images

අපි ඉතින් පන්තිය ඉවර උන ගමන් ඉක්මනට දුවනවා ගෙදර යන්න.දවසක් අපි බස් හෝල්ට් එකට යනකොට ටිකක් පරක්කු උනා.ඔන්න දැන් එතනට යනකොට දැකලා පුරුදු කෙනෙක් ඉන්නවා.අප්පට සිරි බැලින්නම් අරයා. මට නිකම් මොකක්ද උනා වගේ ඒ වෙලාවේ.මම ඒ කාලේ ඉතින් ලැජ්ජා පොලිස් නේ.(දැනුත් ඉතින් එහෙම තමා). මම ඉතින් මගේ යාලුවට කිවුවා අරයා ඉන්නවා කියලා.ඌ කියපි මම කලින් දැක්කා උඹත් දකින කම් හිටියේ කියලා (මොනා උනත් අමලයා හොඳ එකා) .ඔන්න ඔහොම ඉන්නකොට බස් එකකුත් ආවා.මෙයා ඉස්සරහින් නැග්ගා.මායි අමලය යි පිටිපස්සෙන් නැග්ගා.

ඔන්න දැන් බස් එකත් යනවා.මම බහින හෝල්ට් එකත් ලන් වෙනවා.අරයා තාමත් බස් එකේ.මට බහින්නත් බෑ වගේ.මොනා කරන්නද මම හිත හදාගෙන බහින්න ලන් වෙලා අමලයට කිවුවා.අරයා බහින තැන බලාගෙන ඊලඟ දවසේ මට කියන්න කියලා.ඒත් මම බස් එකෙන් බැස්සට මොකද මගේ හිත තිබ්බේ නම් බස් එකේ.නිදාගන්න ගියාම හිත තිබ්බෙත් බස් එකේම තමා.ඔන්න කෝම හරි ඊලඟ දවසේ පන්තිත් ගියා.අමලයා එනකම් මට ඉවසිල්ලක් නැතුව හිටියේ.මූ ආපු ගමන් මුගෙන් ඇහුවා කොහෙන්ද බැස්සේ කියලා . මූ කියපි ඉස්සරහා දොරින් කියලා.මට ඒ වෙලාවෙ මුගෙ ඔළුව අතගාන්න හිතුනා.කෝම කෝම හරි අමලයට කඩේ ගිහින් බහින තැනත් අහගත්තා.එත් අපේ ගෙවල් ළඟ ඉඳන් ටිකක් දුරයි.

                  -මතු සම්බන්ධයි-

ඊළඟ පාර මේ පැත්තේ ආවම කතාවේ ඉතුරු ටික කියන්නම්කෝ

November 19, 2010

චාටර් කූබියා





මේක මට ආපු e-mail එකක්

ඔයගොල්ලොන්වත් කූබියෙක් කෑවාම ඔය විදියට ම කරලා බලන්නකෝ hikiz

October 22, 2010

වෙන මා කරමි කුමක් ??

සිත සිතා ඔබ ගැන හිනැහෙමි ලතවෙමි


වෙන මා කරමි කුමක් ??


වෙන්වන්නට නම් හමු උනේ ඇයි


එයම හිතට දුකක්.......

sad boy

October 8, 2010

මම දම් පාට ට වෛර කරමි...

images (2)

මේක අපේ class එකේදි වෙච්ච පොඩි සීන් එකක්.... ඔන්න ඒනම් කතාව අහන්නකෝ ...class එකේ ඉස්සරහින්ම ඉඳගන්නේ ඉතින් බවලත් උදවියනේ.අපි තමයි ඉතින් ඒ බවලත් උදවියට පිටිපස්සෙන් ඉඳගන්න බලවත් උදවිය.hikiz. ඔන්න එදත් ඉතින් ඒ විදියට ඉඳගත්තා කියමුකෝ.. ah අපි කියන්නේ කව්ද කියන්න අමතක උනානේ.. අපි කියන්නේ රන්බීරුයි,චමියයි,පුලයි,ශානයි,රජ්ජයි මේ අහින්සක මායි.ඔන්න ඉතින් පලවෙනි ස්ලොට් එකත් පටන් ගත්තා ..ඔහොම ඉතින් පැයක් විතර ගියා.. එකපාරටම චමියා දඟලන්න පටන් ගත්තා (මතක් වෙනකොටත් හිනා යනවා)ටික වෙලාවකින් මූ එකපාරටම කියපි දම් පාටින් ලා සඳ බැසයනවා කියලා. මම හිතුවා මූ සින්දුවක් වත් කියනවද කියලා. ඊටපස්සෙ ශානත් දම් පාටින් ලා සඳ බැසයනවලු. ඒ අස්සේ රජ්ජා දම් පාට පෑනක් ඉල්ලනවා මම බැලුවා මුන්ට මොකෝ එකපාරටම වුනේ කියලා... (මම ඉතින් අපේ උන් ගැන නිතරම වගේ හොයල බලන එකා නෙ ) මම නිකමට වගේ බවලත් උදවිය දිහා බැලුවා.. හපොයි එතකොටයි මට වැඩේ මීටර් උනේ..... එදා ඉදන් අද වෙනකම් මම දම් පාට ට කැමති නෑ....

ප.ලි මොකද එතන උනේ කියලනම් මගෙන් අහන්න එපා hikiz.

September 20, 2010

ඒත් එයා මට කැමති වෙයිද ???

Love is life

මම එයාව තාම දැකලවත් නෑ ඒත් එයා ගැන අදහසක් තියෙනවා... මම නිතරම වගේ එයාට කතා කරනවා .... එයා මාව යාළුවෙක් විදියට දකිනවද දන්නෙත් නෑ.. මට එයාට මේ ගැන කියන්නත් ඕනෙ... මම ඒක එයාට කියන්නද ?? ඒත් එයා මට කැමති වෙයිද ???

ඔයගොල්ලො මොකද කියන්නේ ???

September 9, 2010

අමතක වෙන්නේ නැති තැන් ටිකක්..

 

 

  • O/L වලට class ගිය Shasthra එක
  • A/L වලට class ගිය Alpha එක
  • කොහුවල බස් halt එක
  • කොළඹ රීගල් filmhall එක
  • විහාර මහා දේවී park එක
  • මරදාන station එක
  • ගල්කිස්ස beach එක
  • සත්තු වත්ත

images (2)       images

August 25, 2010

ආදරයට පි‍ටුපා මා හැර යන්න එපා !!

images

මදක් නවතින්න.. මට සවන් දෙන්න..
මගේ හදවත ඔබ ගැන ගතු කියයි
කිසි හේතුවක් නැතුව මට රිදවන්න එපා
ආදරයට පි‍ටුපා මා හැර යන්න එපා

මගේ ආශාව ඔයා මා ගාවට ඒමයි
මාව තනිකර ලා යන්න එපා
මා වෙත ඇවිත් මාත් එක්කම ඉන්න

හැම මොහොතෙම ඔයා නැති අඩුව දැනෙනවා
මගේ ජීවිතය ඔයා පස්සෙන් වැටිලා
මගේ ආදරය මට අහිමි වෙලා
නොදු‍ටු නො ඇසුනු සිතුම් අවදි කරනවා

මීට කලින් කෙදිනකවත් මෙහෙම සිදුවෙලා නෑ
මගේ ආදරය විශ්වාස කරන්න

මගේ ආශාව ඔයා මා ගාවට ඒමයි
මාව තනිකර ලා යන්න එපා

-To be continued..-

(Ajab Prem Ki Ghazab Kahani චිත්‍රපට යෙන්.. )

 
Copyright 2009 ජීවිතයට පාට දෙන්න....... Powered by Blogger
Blogger Templates created by Deluxe Templates
Wordpress by Wpthemescreator
This template is brought to you by :AllBlogTools.com All Blog Tools.com
Blogger Showcase