අතීතයේ එක සොඳුරු සැඳෑවක
සුපිපුනු මල් ඇති උයන් තලාවක
නෙතට නෙතක් මුන ගැසුන වෙලාවක
මතකද ඔබ ඉඟි කෙරුවා ආලය....
අතීතයේ තව මියුරු සැඳැවක
රුක් ගොමුවෙන් වට උයන් තලාවක
මුවින් මුවට සිප ගත් ඒ මොහොතක
මතකද ඔබ පැවසූව ඔබේ ආලය....
අතීතයේ තව අඳුරු සැඳැවක
අඳුරින් වට වුන පාලු සුසානෙක
සිතින් ගතින් වෙන් වුන ඒ මොහොතක
මතකද ඔබ හැර ගිය ඒ ආලය....
මේ සින්දුව ඇහෙනකොට මට මතක් වෙනවා මීට අවුරුදු 3 කට කලින් වෙච්ච දෙයක් ඒක එක්තරා විදියක ආදර පටලැවිල්ලක් ටිකක් නවීන විදියට ...
ඒ කාලේ උසස් පෙල කරලා ගෙදර ඉන්න කාලේ.උදේම යාළුවො කට්ටියත් එක්ක කොහේ හරි යනවා විශේෂයෙන්ම ඔය ප්රදර්ශන බලන්න තමා.එහෙම ගිහින් හවස 6 වෙන්න කලින් කෝමහරි ගෙදරත් එනවා (නැත්තම් ඉතින් අම්මගෙන් බැනුම් කෝටියයි).
රෑ වෙද්දි ඉතින් කම්මැලියි.ඒ නිසා රෑට චැට් කරන්න පුරුදු වෙලා හිටියා.ඔහොම චැට් කරන් යද්දී දවසක් මම යාළුවෙක් ව අඳුර ගත්තා.එයාගේ නම තමයි L(දැනට L කියලා කියමුකෝ) .ඊටපස්සේ හැමදාම වගේ එයයි මායි චැට් කරන්න පුරුදු උනා.අපිටත් නොදැනිම කාලයත් ගෙවිල ගිහින් අවුරුද්දකටත් ලන් උනා.ඒ වෙද්දී අපි අපිටත් නොදැනිම පෙම්වතුන් වෙලා.
- මතු සම්බන්ධයි -
10 comments:
ලස්සන කවියක්.අනේ මරුනේ....:)
මම මරු කිව්වේ අර විදියට ආදරේ කරන දෙන්නේක් ඇති වුනාට ....
@sri lankan internet :O
@මලිති වෙනස් විදියකට ආදරය කරන අයත් ඉන්න එපැයි :)
ම්ම්..ඔය එන්නෙ ඇත්ත ටික ටික එළියට..මේක ඉතුරු ටික හෙටද? ලබන සතියෙද? මෙගා ස්ටෝරි එකක් වගේනම් එපා. :DDDD
@ danuka... short & sweet
හෝ හෝ.. ඔය ටික ටික දාන්නේ එළියට.. හැබැයි පුතෝ ඔය කතාව දික් ගස්සන තරමට උඹට දුක වැඩිවෙයි... ඉතිරි කොටස කවදද දාන්න කල්පනාව...?
නියමයි
How to find my BTC address in Binance.
Users can produce a BTC address in three ways- either through an online/offline wallet or by creating an account on an exchange. If you don’t know which way to pick, so all you can do is dial Binance contact number 800-665-6722 and get the complete proper approach and procedure for the same by the proficient professionals. It is a service that works for all day and night and you don’t even have to pay an individual cent to experience the convenient services. https://www.cryptophonesupport.com/exchange/binance/
10 years ago :(
Post a Comment