Pages

June 11, 2011

මතකද ඔබ හැර ගිය ඒ ආලය....

 

අතීතයේ එක සොඳුරු සැඳෑවක

සුපිපුනු මල් ඇති උයන් තලාවක

නෙතට නෙතක් මුන ගැසුන වෙලාවක

මතකද ඔබ ඉඟි කෙරුවා ආලය....

           අතීතයේ තව මියුරු සැඳැවක

           රුක් ගොමුවෙන් වට උයන් තලාවක

           මුවින් මුවට සිප ගත් ඒ මොහොතක

           මතකද ඔබ පැවසූව ඔබේ ආලය....

අතීතයේ තව අඳුරු සැඳැවක

අඳුරින් වට වුන පාලු සුසානෙක

සිතින් ගතින් වෙන් වුන ඒ මොහොතක

මතකද ඔබ හැර ගිය ඒ ආලය....

                     images

 

අතීතයේ එක සොඳුරු සැඳෑවක…..

 

මේ සින්දුව ඇහෙනකොට මට මතක් වෙනවා මීට අවුරුදු 3 කට කලින් වෙච්ච දෙයක් ඒක එක්තරා විදියක ආදර පටලැවිල්ලක් ටිකක් නවීන විදියට ...

ඒ කාලේ උසස් පෙල කරලා ගෙදර ඉන්න කාලේ.උදේම යාළුවො කට්ටියත් එක්ක කොහේ හරි යනවා විශේෂයෙන්ම ඔය ප්‍රදර්ශන බලන්න තමා.එහෙම ගිහින් හවස 6 වෙන්න කලින් කෝමහරි ගෙදරත් එනවා (නැත්තම් ඉතින් අම්මගෙන් බැනුම් කෝටියයි).
රෑ වෙද්දි ඉතින් කම්මැලියි.ඒ නිසා රෑට චැට් කරන්න පුරුදු වෙලා හිටියා.ඔහොම චැට් කරන් යද්දී දවසක් මම යාළුවෙක් ව අඳුර ගත්තා.එයාගේ නම තමයි L(දැනට L කියලා කියමුකෝ) .ඊටපස්සේ හැමදාම වගේ එයයි මායි චැට් කරන්න පුරුදු උනා.අපිටත් නොදැනිම කාලයත් ගෙවිල ගිහින් අවුරුද්දකටත් ලන් උනා.ඒ වෙද්දී අපි අපිටත් නොදැනිම පෙම්වතුන් වෙලා.

     - මතු සම්බන්ධයි -

May 22, 2011

දයාබර සොයුර ඔබට නිවන් සුව !!

විශ්වාස කල හැකි සන්තාපය ස්ථීර වූ පාඩුවක්

නොවේ, නමුත් මෘදු ශෝකය අප ආදරය කරන කාට

හරි නික්ම යාමෙදී සOවේගයක් උපදවයි.සමහර විට

අද ගෙන දෙන්නා වූ දුක ඔබට නිවන් දැකීමට

මාර්ගයක් විය හැක.


දයාබර සොයුර ඔබට නිවන් සුව !!

ilan_thumb[2]

April 29, 2011

ඔබ ලස්සනයි ඔබ දෙවඟනක් වැනියි

 

images

ඔබ තවමත් සඳ එළියයි
සමහර විට ඔබ සුකුමාලයි
සමහර විට ඔබ සුර දූතියක්
ඔබව දු‍ටු විට සිත ඇදී යනවා
සමහර විට ඔබ දෙවියන්ගේ තිළිණයක්


අහා ඔබ ලස්සනයි ඔබ දෙවඟනක් වැනියි


ඔබ ලැජ්ජාවෙන් ඉවත බලා සිටියත් ඔබ සතුටින්
සිටිනවනම් එයයි මගේ  විශ්වාසය
ඔබ මත් ගතියෙන් වෙලිලා
ඔබගේ නිරුත්තර දෙ ඇස් ආයාචනා කරනවා වගෙයි
ඔබගේ ස්වරය ප්‍රාර්ථනාවක් වගෙයි
ඔබගේ දසුන හැමතැනම පේනවා
තවමත් එය දුරක සැඟවත්

අහා ඔබ ලස්සනයි ඔබ දෙවඟනක් වැනියි

Saawariya

April 13, 2011

සුභම සුභ නව වසරක් වේවා !!!!!

ලබන්නා වූ මේ සිරී සුභ නව වසර

කඳුළු නොදකින

සිනහ උතුරන

පැතුම් පූදින

     සුභම සුභ නව වසරක් වේවා !!!!!

suba-aluth-auruddak-wewa

February 18, 2011

ඔබ සොයන මා ....

හැඬීමෙන් මා රෝගී වෙලා


ඔබ සෙවීමෙන් මා හෙම්බත් වෙලා


ඔව්,


මම හිනැහෙනවා ඔබට පෙනෙන්නට


ඒත්,


මම ඇතුලතින් මියැදිලා...

images

February 5, 2011

ඔබේ මතකයන් අමතක කරන්නත් බෑ යාළුවේ !!

වේදනාව සහ දුකත් එක්ක

මගේ දෙනෙත් බොඳ වෙලා වැස්ස වගේ
අඳුරු රාත්‍රියන් මගේ සහයකයා වෙලා


මට හැරයන්න දෙයක් මේ පාලු මගේ නැති තරම්
මුලු දිවියම ඇයත් එක්ක එකතු වෙලා
මට ඔබව අමතක කරන්න බෑ

ඔබේ මතකයන් අමතක කරන්නත් බෑ යාළුවේ
ඔබ මාව හඬවනවා
ඔබේ මතකයන් මගේ සිත තුල නිතර ගැවසෙනවා
මගේ අහිමි උන ආදරය මටම චෝදනා කරනවා


ඔබට තේරුම් ගන්න බැරිද යාළුවේ වෙන්වීමේ වේදනාව

මම ඔබෙන් වෙන් වූයේ මොහොතකටයි එය මගේ මග වෙනස් කලා
මට ඔබව නෑතිවෙන්න පටන් ගත් දිනේ සිටන් මට යමක් හෑඟුනා
මම මට ම අයිති නෑ වගේ

දැන් ඔබ මා අයදිනවා නම්
එය මා සනසවනවා මේ දුක් ගින්නෙන්

ඔබේ මතකයන් අමතක කරන්නත් බෑ යාළුවේ

anjaana anjaani චිත්‍රපටයෙන්

January 23, 2011

එයාගේ කතාව II

ඔන්න යාළුවනේ ගොඩ කාලෙකට පස්සේ ඉතින් බ්ලොග් එක පැත්තේ ආවා එයාගේ කතාවත් අරගෙන. එයාගේ කතාව I මෙතනින් .

ඔන්න ඒනම් කතාව අහන්නකෝ

ඔන්න ඉතින් කෝම කෝම හරි එයා ඉන්න තැනත් හොයා ගත්තා.(අමලයට පින් සිද්ද වෙන්න ) ඒත් වැඩේ කියන්නේ එයා ඉන්න තැනට අපේ ගෙවල් ගාව ඉඳන් ටිකක් දුරයි.ඉතින් පන්ති අරින්නෙත් රෑ වෙලා.ආයේ එහේ ගිහින් එන්න හිටියොත් අම්මගෙන් බැනුම් අහන්න වෙන නිසා මම ගේ ගාවින්ම බහිනවා :(. ඒත් ඉතින් බැස්සට මොකද හිත තියෙන්නේ බස් එකේනේ.

ඔන්න ඔහොම දින සති මාස ගනන් ගත වෙලා ගියා අපිටත් නොදැනිම.මාත් ඉතින් එයා යන බස් එකේම යනවා.ගිහින් පහුවදා ආයෙත් පන්ති එනවා.මම ඉතින් ලැජ්ජ පොලිස්කාරය නිසා එයත් එක්ක කතා කරන්නත් මොකක්ද වගේ.ඒත් මම එයත් එක්ක හිනා වෙන්න නම් අමතක කලේ නෑ.දකින දකින හැම පාරකම වගේ මම එයත් එක්ක හිනා වුනා.එයත් ඉතින් හිනාවෙනවා.එයා හිනාවෙනකොට නිකන් පූජා වගේ.කෝම කෝම හරි A/L අත ළඟටම ආවා.ඉතින් ඒ වෙනකොට පාඩම් කරනකොටත් එයාව මතක් වෙනවා.

images

අපේ පන්තියේ අන්තිම දවසේ පොඩි පාටියක් තිබ්බා මම එදා නම් එයා ගෙන් අහනවා කියලා හිතේ තියාගෙන හිටියා.පස්සේ මට හිතුනා විභාගේ ළඟ නිසා මෙයා ඒකට කැමති නැති වෙයි කියලා.ඒ නිසා අන්තිමට මට එයාගෙන් අහන්න බැරි උනා.

මට ඒ දවස අද වගේ මතකයි.මම කෝම හරි එයත් එක්ක කතා කරනවා කියලා හිතාගෙන පාටිය ඉවර උනාම එයා ළඟට ගියා.ගිහින් අතට අත දීලා මම එයාට සුභ පැතුවා. එදා නම් මම එයා යනකම් හිටියෙ නෑ. මම කලින්ම ගෙදර ආවා.ඒත් දුකයි මොකද එදා තමයි එයාව මම දැක්ක අන්තිම දවස.

ප.ලි. ඇත්තටම කියනවනම් අද වෙනකම් මම එයාගේ නම දන්නේ නෑ

-THE END-

December 19, 2010

එයාගේ කතාව I

හුඟ කාලෙකින් ඉතින් බ්ලොග් එක පැත්තේ ආවේ (දැන් ඉතින් මේ පැත්තේ එන්නත් වෙලාවක් නෑ නොවැ ) .. ඉඩ ලැබෙන ලැබෙන පාරට පොඩි පොඩි කතා ටිකක් කියලා යන්න හිතුවා

මේක ඉතින් සිද්ද උනේ මීට අවුරුදු 3 කට විතර ඉස්සෙල්ලා. ඒ කාලේ ඉතින් අපි පොඩි කොල්ලො නොවැ (දැනුත් ඉතින් පොඩි ලමයි තමා) උ.පෙ පන්ති යන්න පටන් ගත්ත මුල් කාලෙම වගේ තමා මම මුලින්ම එයාව දැක්කේ.එයා වාඩි වුනේ හරියටම 5 වෙනි පේලියේ දකුනු පැත්තේ.අපි හිටියේ ඒ පේලියෙ වම් පැත්තේ.මට ඉතින් පන්තියෙදි මෙයාව දකින්නේ නැතුව ඉන්නත් බෑ වගේ නිකම් කාන්සාව වගේ

images

අපි ඉතින් පන්තිය ඉවර උන ගමන් ඉක්මනට දුවනවා ගෙදර යන්න.දවසක් අපි බස් හෝල්ට් එකට යනකොට ටිකක් පරක්කු උනා.ඔන්න දැන් එතනට යනකොට දැකලා පුරුදු කෙනෙක් ඉන්නවා.අප්පට සිරි බැලින්නම් අරයා. මට නිකම් මොකක්ද උනා වගේ ඒ වෙලාවේ.මම ඒ කාලේ ඉතින් ලැජ්ජා පොලිස් නේ.(දැනුත් ඉතින් එහෙම තමා). මම ඉතින් මගේ යාලුවට කිවුවා අරයා ඉන්නවා කියලා.ඌ කියපි මම කලින් දැක්කා උඹත් දකින කම් හිටියේ කියලා (මොනා උනත් අමලයා හොඳ එකා) .ඔන්න ඔහොම ඉන්නකොට බස් එකකුත් ආවා.මෙයා ඉස්සරහින් නැග්ගා.මායි අමලය යි පිටිපස්සෙන් නැග්ගා.

ඔන්න දැන් බස් එකත් යනවා.මම බහින හෝල්ට් එකත් ලන් වෙනවා.අරයා තාමත් බස් එකේ.මට බහින්නත් බෑ වගේ.මොනා කරන්නද මම හිත හදාගෙන බහින්න ලන් වෙලා අමලයට කිවුවා.අරයා බහින තැන බලාගෙන ඊලඟ දවසේ මට කියන්න කියලා.ඒත් මම බස් එකෙන් බැස්සට මොකද මගේ හිත තිබ්බේ නම් බස් එකේ.නිදාගන්න ගියාම හිත තිබ්බෙත් බස් එකේම තමා.ඔන්න කෝම හරි ඊලඟ දවසේ පන්තිත් ගියා.අමලයා එනකම් මට ඉවසිල්ලක් නැතුව හිටියේ.මූ ආපු ගමන් මුගෙන් ඇහුවා කොහෙන්ද බැස්සේ කියලා . මූ කියපි ඉස්සරහා දොරින් කියලා.මට ඒ වෙලාවෙ මුගෙ ඔළුව අතගාන්න හිතුනා.කෝම කෝම හරි අමලයට කඩේ ගිහින් බහින තැනත් අහගත්තා.එත් අපේ ගෙවල් ළඟ ඉඳන් ටිකක් දුරයි.

                  -මතු සම්බන්ධයි-

ඊළඟ පාර මේ පැත්තේ ආවම කතාවේ ඉතුරු ටික කියන්නම්කෝ

November 19, 2010

චාටර් කූබියා





මේක මට ආපු e-mail එකක්

ඔයගොල්ලොන්වත් කූබියෙක් කෑවාම ඔය විදියට ම කරලා බලන්නකෝ hikiz

October 22, 2010

වෙන මා කරමි කුමක් ??

සිත සිතා ඔබ ගැන හිනැහෙමි ලතවෙමි


වෙන මා කරමි කුමක් ??


වෙන්වන්නට නම් හමු උනේ ඇයි


එයම හිතට දුකක්.......

sad boy

October 8, 2010

මම දම් පාට ට වෛර කරමි...

images (2)

මේක අපේ class එකේදි වෙච්ච පොඩි සීන් එකක්.... ඔන්න ඒනම් කතාව අහන්නකෝ ...class එකේ ඉස්සරහින්ම ඉඳගන්නේ ඉතින් බවලත් උදවියනේ.අපි තමයි ඉතින් ඒ බවලත් උදවියට පිටිපස්සෙන් ඉඳගන්න බලවත් උදවිය.hikiz. ඔන්න එදත් ඉතින් ඒ විදියට ඉඳගත්තා කියමුකෝ.. ah අපි කියන්නේ කව්ද කියන්න අමතක උනානේ.. අපි කියන්නේ රන්බීරුයි,චමියයි,පුලයි,ශානයි,රජ්ජයි මේ අහින්සක මායි.ඔන්න ඉතින් පලවෙනි ස්ලොට් එකත් පටන් ගත්තා ..ඔහොම ඉතින් පැයක් විතර ගියා.. එකපාරටම චමියා දඟලන්න පටන් ගත්තා (මතක් වෙනකොටත් හිනා යනවා)ටික වෙලාවකින් මූ එකපාරටම කියපි දම් පාටින් ලා සඳ බැසයනවා කියලා. මම හිතුවා මූ සින්දුවක් වත් කියනවද කියලා. ඊටපස්සෙ ශානත් දම් පාටින් ලා සඳ බැසයනවලු. ඒ අස්සේ රජ්ජා දම් පාට පෑනක් ඉල්ලනවා මම බැලුවා මුන්ට මොකෝ එකපාරටම වුනේ කියලා... (මම ඉතින් අපේ උන් ගැන නිතරම වගේ හොයල බලන එකා නෙ ) මම නිකමට වගේ බවලත් උදවිය දිහා බැලුවා.. හපොයි එතකොටයි මට වැඩේ මීටර් උනේ..... එදා ඉදන් අද වෙනකම් මම දම් පාට ට කැමති නෑ....

ප.ලි මොකද එතන උනේ කියලනම් මගෙන් අහන්න එපා hikiz.

September 20, 2010

ඒත් එයා මට කැමති වෙයිද ???

Love is life

මම එයාව තාම දැකලවත් නෑ ඒත් එයා ගැන අදහසක් තියෙනවා... මම නිතරම වගේ එයාට කතා කරනවා .... එයා මාව යාළුවෙක් විදියට දකිනවද දන්නෙත් නෑ.. මට එයාට මේ ගැන කියන්නත් ඕනෙ... මම ඒක එයාට කියන්නද ?? ඒත් එයා මට කැමති වෙයිද ???

ඔයගොල්ලො මොකද කියන්නේ ???

September 9, 2010

අමතක වෙන්නේ නැති තැන් ටිකක්..

 

 

  • O/L වලට class ගිය Shasthra එක
  • A/L වලට class ගිය Alpha එක
  • කොහුවල බස් halt එක
  • කොළඹ රීගල් filmhall එක
  • විහාර මහා දේවී park එක
  • මරදාන station එක
  • ගල්කිස්ස beach එක
  • සත්තු වත්ත

images (2)       images

August 25, 2010

ආදරයට පි‍ටුපා මා හැර යන්න එපා !!

images

මදක් නවතින්න.. මට සවන් දෙන්න..
මගේ හදවත ඔබ ගැන ගතු කියයි
කිසි හේතුවක් නැතුව මට රිදවන්න එපා
ආදරයට පි‍ටුපා මා හැර යන්න එපා

මගේ ආශාව ඔයා මා ගාවට ඒමයි
මාව තනිකර ලා යන්න එපා
මා වෙත ඇවිත් මාත් එක්කම ඉන්න

හැම මොහොතෙම ඔයා නැති අඩුව දැනෙනවා
මගේ ජීවිතය ඔයා පස්සෙන් වැටිලා
මගේ ආදරය මට අහිමි වෙලා
නොදු‍ටු නො ඇසුනු සිතුම් අවදි කරනවා

මීට කලින් කෙදිනකවත් මෙහෙම සිදුවෙලා නෑ
මගේ ආදරය විශ්වාස කරන්න

මගේ ආශාව ඔයා මා ගාවට ඒමයි
මාව තනිකර ලා යන්න එපා

-To be continued..-

(Ajab Prem Ki Ghazab Kahani චිත්‍රපට යෙන්.. )

August 13, 2010

නුඹ සිසිල දේ නම්...



හිරු වෙලා මම එළිය වෙන්නම්..

සඳු වෙලා නුඹ සිසිල දේ නම්

නෙතු සලා ලංවෙන්න බැරි නම්...

අපි එකම අහසක සිතා සැනසෙන්නම්

August 5, 2010

මෙන්න බිත්තර කටු......

August 2, 2010

LATEST SCHOOLS HABITZ

14355_1168659931847_1088419371_30510095_3170108_n

(අන්තර්ජාලයෙන්.....)

July 25, 2010

කුමුදු පින්තු ගුරු පියාණෙනි ඔබට නිවන් සුව !!


අද ඔබ නික්ම ගිහින්... ඔබගේ ජීවිතයෙන් අප ගත් දේ බොහෝ ය..... ඔබගේ තම තම නැණ පමණින් බ්ලොගයෙන් ගත් දේවල්ද බොහෝය.... ඔබගේ අවසාන ලිපිය මිනීමල් හා මරණයට ඇති බිය ලියූ වේ ඒ බව දැනගෙනද ??

අහෝ සුන්දර වූ මිනිසෙකුගේ නික්මයාමක්....

කුමුදු පින්තු ගුරු පියාණෙනි ඔබට නිවන් සුව !!

July 24, 2010

ඇත්තක්ද ? බොරුවක්ද ?

 

ඔහු මනෝ ලෝකයේ සිට ඇයට පෙම් කරද්දි

ඇය පියවි ලෝකයේ තනි වෙයි


ඇයගේ දුක ඔහුට නොපෙනෙයි


ඇය ඔහුගෙන් ප්‍රේමය යදිද්දී


ඔහු නිහඬයි


ඇය කඳුළු සලයි

 

images (2)

July 19, 2010

ගිරවියේ ගිරවියේ.......

ගිරවියේ ගිරවියේ.........

ඔබගේ දෙනෙත් මා දු‍ටුවා.....

ඔබගේ දෙනෙතේ ‍රැදි ‍රැව මා දු‍ටුවා....

හිතවතියේ.....

(Ayan චිත්‍රපටයෙන්....)

 
Copyright 2009 ජීවිතයට පාට දෙන්න....... Powered by Blogger
Blogger Templates created by Deluxe Templates
Wordpress by Wpthemescreator
This template is brought to you by :AllBlogTools.com All Blog Tools.com
Blogger Showcase